රුමේනියාවෙ රැකියාවකට එන ලාංකිකයින්ගේ Document කොටස ✍️



රුමේනියාවෙ රැකියාවකට එන ලාංකිකයින්ගේ Document කොටස  ✍️

ලංකාවෙ ඉඳන් රුමේනියාවට එන්නෙ ලොකු ගාණක් වියදම් කරල වගේම ලොකු කැපකිරීම් ගොඩක් කරලා, මෙහෙට ආවම ඊටත් වඩා ලොකු කැපකිරීම් කරන්න වෙනවා. ගෙදර කවුරුත් ලඟ නැතුව හැමදේම දරාගෙන ඉවසන්න වෙනවා 🙄

ඉතිං එහෙම ආවට පස්සෙ ඔයා කරන රැකියාවෙන් වැටුප් සහිත හෝ රහිතව මාස 3 කින් ඔයාව එලියට දැම්මම ?? 😓

සල්ලි තියන අය මොකක් හරි කරගනී, ගේමක් ගහන්න ආව අය ඉවරයි 💔 ඒ කියන්නෙ රුමේනියාවට ඇවිත් මාස 3 ඇතුලත ඔයාගෙ ID Card එක, ඒ කියන්නෙ රුමේනියාවෙ හැඳුනුම්පත ඔයා එන කම්පැනිය විසින් හදන්න ඕනෙ. ඒ දේවල් කරන්නනම් කම්පැනිය විසින් හරියට බදු (Tax) රජයට ගෙවන්න ඕනෙ. අපි ගන්න වැටුපෙන් 45% බදු විදියට මේ රජය අය කරනවා.

👉 සමහර කම්පැනි මෙහෙට ඔයාලා එද්දි වහලා
👉 තව කම්පැනි ඔයාලගෙ වැඩ මදි හෝ වෙන හේතුවකින් එලියට දානවා
👉 තව කම්පැනි බදු ගෙවන්නෙ නැතුව ඔයාලගෙන් වැඩ කරගෙන එලියට දානවා

ඇත්තම කිවුවොත් මේවට නීති තිබ්බට ක්‍රියාත්මක වෙන්නෙ අඩුවෙන්. හැමදේම දරාගෙන වෙන රටකට හෝ ලංකාවට ආව අය ඕනෑ තරම් 😓

දැන් රුමේනියාව ලංකාවෙ අයට රැකියා හා මිනිස් ජාවාරම් විමානයක් වෙලා

මේකෙන් බේරෙන්නෙ කොහොමද ? 😲

👉 එන්න ඉන්න අය එන කම්පැනි එක ගැන හොඳටම හොයල බලන්න. පුළුවන්නම් ලංකාවෙ කලින් හිටිය අය ඉන්න , එයාලට ප්‍රශ්නයක් නැති කම්පැනි එකකට එන්න බලන්න

👉 මෙහෙ යාළුවන්ගෙ මාර්ගයෙන් කම්පැනි එක ගැන හොයන්න

👉 Company එක ගැන හැම විස්තරයක්ම ගොඩක් වෙලාවට Google බලන්න පුළුවන්. හැමදේම check කරන්න (බදු ගෙවීම්, සේවක සංඛ්‍යාව , පටන් ගත්ත දවස / අවුරුද්ද ඇතුළුව)

👉 ඒජන්සිය මතම එයාල කියන හැමදේම පිළිගන්න එපා.

👉 ඒක පුද්ගලය ආයතයකට වඩා ජාලයකට එන්න බලන්න ( උදා : KFC / Mc Donald / Shaormia Banesa / Spartan / Distor Doner)

එන්න ඉන්න අය බය වෙන්න එපා 😊 හොඳට හොයල බලලා එන්න

වැදගත් : අපේම අය නිසා කට්ටියම දොට්ට දාන අවස්තා නැතුවම නෙමේ. මොන දේ උනත් අඩුම ජොබ් එක මාස 3ක්වත් අල්ලන් ඉන්න පුළුවන්නම් විතරක් මෙහෙට එන්න

Insta පැත්තට එන්න 👉 https://www.instagram.com/dreamofromania/?igshid=ZGUzMzM3NWJiOQ%3D%3D

අපේ Blog එක 👉 https://romaniasinhalen.blogspot.com/?m=1

Facebook 👉 https://www.facebook.com/profile.php?id=100080047398562&mibextid=ZbWKwL

Comments