බය්ක් රයිඩර් Bike Riders in Romania


සුබ උදෑසනක් ලංකාවෙ ඉන්න හැමදෙනාටම 🌿

අද ලියන්න යන්නෙ රුමේනියා හීනය - Dream of Romania රුමේනියාවෙ බයික් රයිඩර් ( Bike Rider) කියන ජොබ් එක ගැන. 🛵 🛴 🚲

රුමේනියාවට එන්න ලේසිම ක්‍රමයක් විදියට ගොඩක් අය මේ ජොබ් එක තෝරගන්නවා. සමහරු ඇත්තටම ආසාවට මේ ජොබ් එකට එන්න හිතන් ඉන්නවා. ඒ කොහොම උනත්, මේ ජොබ් එක කරන ක්‍රම දෙකක් තියෙනවා. 

👉 මාසෙ පඩියට
👉 Commission මත

🔑 මාසෙ පඩියට වැඩ කරන අයට මෙහෙ හොඳ කම්පැනි තියනවා. නරක ඒවත් ගොඩක් තියෙනවා. ජොබ් එක කරල වැටුප් නොගෙවා එලියට දාපු තැනුත් තියෙනවා. මේකෙන් වෙන්නෙ මාසෙ වැටුපකට ඔයාලා සේවය කරන එක. ඔයාලට නියමිත වැටුප හා පෙට්‍රල්, බයික් රෙපෙයාර් ඔක්කොම ඒ ආයතය විසින් කරල දෙනවා. ආයතය හොඳ එකක්නම්, ඔබ නිවාඩු ගන්න එකට පවා ගෙවනවා (medical proof අවශ්‍ය වේ). ඊට අමතරව ඔයාට මාසෙට කෑම වෙනුවෙන් leu 300-400 අතර දෙනවා.  මේ ජොබ් එකේ සාමාන්‍ය වැටුප Romanian Leu 2500- 3000 අතර වෙනවා. ඊට වඩා දෙන තැන් නැතුවාම නෙමේ. 😅 ලංකාවෙ සල්ලි වලින් 16600.00 - 199400.00 වෙනකන්. (අද රේට් එක අනුව)

🔑 Commission මත වැඩ කරද්දි ඔයා වැටුපකට හිර වෙන්නෙ නැහැ. ඒ වගේම ඔයාලට ඕනනම් වැඩ කරන්න පුළුවන් , එපානම් ඉන්නත් පුළුවන්. හැමදේම.තීරණය වෙන්නෙ තමන් මත. තමන් මහන්සි උනොත් තමන්ට සල්ලි.සාමන්‍යෙන් පැය 12ක් වගේ වැඩ කරලා දවසට leu 300ක් විතර හොයන්න පුළුවන්. ලංකාවෙ සල්ලි වලින් 19000ක් විතර. මේකෙන් 10% - 20% අතර ඔයාග වැඩ කරන නියෝජිතයා කපාගන්නවා. ඉන්න තැනක්, කෑම බීම , බදු මුදල් ඉන්දන බයිසිකල් කුළිය සියල්ල ඔයාට ගෙවන්න වෙනවා. 

මෙහෙ රයිඩින් කොටස් දෙකකින් වැඩ කරනවා. එකක් මෝටර් සයිකල්, අනිත් අය ෆුට් සයිකල්. ෆුට් සයිකල් එනවනම් දෙපාරක් හිතල එන්න.

මෙහෙ ප්‍රධාන කම්පැනි 03ක් තියෙනවා. ඊට අමතරව පොඩි ඒව තියෙනවා. මං යටින් දාන්නම් මං දන්න ටික.

ප්‍රධාන - 🛴 Tazz by Emag
🛴 Bolt
🛴 Glovo

ඊට අමතරව Chop Chop / Food Panda  වගේ ආයතනත් තියෙනවා. 

හොඳ වැටුපකට යන්න පුළුවන් වගේම ගොඩක් කැපකිරීම් කරන්න ඕන ජොබ් එකක්. දවසම එලියෙ හීතල රස්නෙ වැස්ස අවුව හැමදේම දරාගන්නම වෙනවා. ඉතිං ලංකාවේන් ඉන්න ඔයාල එන්න. කැපකිරීමක් කරල ගොඩ යන්න. හැමෝටම ඉක්මනින් එන්න ලැබේවා!!!

මීළඟ පෝස්ටුව - Resturents ( රෙස්ටුරන්ට් සම්බන්ධයෙන්)

Instagram 👉https://instagram.com/dreamofromania?igshid=ZGUzMzM3NWJiOQ==

Comments